
(බර්ටි වීරසිංහ)
මීගමුව , කට්ටුව , ශාන්ත සෙබස්තියන් පාරේ දුම්රිය හරස් මාර්ගයේ දී අද පස්වරු 2.00 ට පමණ ලොරියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ලොරි රථයේ රියදුරු සහ සහයක ද ලොරියට පිටුපසින් පැමිණි යතුරු පැදියක සිටි කාන්තාවක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


